රාජාසන කථාව සිදු කිරීම සඳහා අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගොස් තිබෙනවා.

විරෝධතා සටන් පාඨ කියමින මන්ත්‍රීවරු මෙලෙස පිටව ගොස් ඇති බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කළ රාජාසන කථාව සමස්ථ විපක්ෂයම වර්ජනය කළා.

ප්‍රධාන විපක්ෂය වන සමඟි ජනබලවේගය ඇතු`ඵව විපක්ෂයේ සෙසු පක්ෂ ද මෙලෙස රාජාසන කථාව වර්ජනය කරනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/02/PARLIMANT-EDIT-.mp3?_=1

මේ අතර ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කථාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා අද දින සහභාගි වී සිටියේ නැහැ.

ඊයේ ඔවුන් පැමිණෙන බව දැනුම් දී තිබුණ ද අද දින එම පක්ෂයේ කිසිවෙකු ඊට සහභාගි වී නොසිටීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content