පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙනත් නඩු කටයුත්තකට යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ දෙසැම්බර් 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ සිටි උන් වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කල අතර අද උන් වහන්සේ ට එම අධිකරණයෙන් අද ඇප නියම වුනා.

 

WhatsApp Group

Skip to content