Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සමස්ත දිවයිනම ආවරණය පරදි තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල ඇසේ සුද ඇතිවීමේ රෝගයෙන් පෙළෙන රෝගීන් 500 දෙනෙකු සදහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කර කාච දැමීමේ අක්ෂි කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය තීරණය කර තිබෙනවා.

මෙම අක්ෂි කදවුර හෙට දිනයේදි මෙන්ම අප්‍රේල් මස 15, 16 සහ 17 යන දිනවලදී කොළඹ 07 විද්‍යාල මාවතේ පිහිටි ශ්‍රී ලංකා අක්ෂි දාන සංගම් මූලස්ථානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සදහන්.

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදු කිරීම අත්හිටුවා ඇති අවස්ථාවක සියලු බරපැන දරමින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් මෙම කටයුතු සිදු කරනු ලබනවා.

මේ සදහා රෝගින් තෝරාගැනීමේ කටයුතු පසුගිය දිනවල සිදු කළ අතර එසේ තෝරාගත් පළමු රෝගින් 60 දෙනාගේ ශල්‍ය කර්ම හෙට පස්වරු 6 සිට අක්ෂිදාන සංගමයට අයත් දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරි වෛද්‍ය අජන්ත අබේවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/03/AJANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content