Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් අද පස්වරු 2ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකියි .

ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති වනවා .

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි .

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

WhatsApp Group

Skip to content