Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අන්තර්ජාතික සහයෝගිතාවය පිළිබද එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුලකට මෙවර යල කන්නය සදහා රුපියල් 30 000 බැගින් දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 6 ක ගොවි පවුල් 48 000 ක් සදහා එම සහන දීමනාව ලබා දීමට එම නියෝජිත ආයතනය එකගත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

එය රුපියල් 15 000 බැගින් වාරික දෙකක් යටතේ ලබා දෙන්නේ මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සදහායි.

වගා කරන ලද බෝගවලින් අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව ඒවා විකුණා ගැනීමට නොහැකිව අසරණ වූ ගොවීන් බොහෝමයක් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසනවා.

මේ පිළිබදව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය විසින් ගොවීන්ට සාධාරණයක් සිදු නොකරන්නේ නම් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන බවයි.

https://www.vnews.lk/storage/2023/03/NAMAL-KARUNARATHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content