Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අත්‍යවශ්‍ය මහජන සේවා පනත (1979 අංක 61 දරණ) යටතේ වරදක් කරන සෑම තැනැත්තකුගේම සියලු චංචල හෝ නිශ්චල දේපල රාජසන්තක වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වරදක් කරන තැනැත්තකු නඩු විභාගයකින් ද වරදකරු කරනු ලැබූ විට අවුරුදු දෙකකට නො අඩු ද අවුරුදු පහක් නොඉක්මවන්නා වූ ද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ රුපියල් 2000 කට නො අඩු රුපියල් පන්දහසක් නො ඉක්මවන්නා වූ දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීම සහ ඒ දඩය යන දෙකට ම හෝ යටත් විය යුතු බව පනතේ පැහැදිලිවම සඳහන් වන බවද ඔහු සදහන් කළා .

එමෙන්ම අදාළ වරද කරන තැනැත්තාගේ රැකියාව කිරීමේ අයිතිය නැති වන බව ද පනතේ සඳහන් වන්නේ යැයි වජිර අබේවර්ධන මහතා පැවසුවා.

වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයට අත්සන් කර තිබෙන බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා අසාධාරණ වැඩ වර්ජන කඩාකප්පල් කිරීම් කරන්නට පෙර ⁣අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලවත්කම අවබෝධ කරගෙන සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයි පැවසුවා.

ජනාධිපතිවරයා ගැසට් නිවේදනයකට අත්සන් තබමින් මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කළ බවයි වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ.

රේගු ආඥාපනතේ (පරිච්ඡේද 235) අරමුණු සඳහා අර්ථ දක්වා ඇති අතර, මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content