අද සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4ක මිල පහත දමා තිබෙනවා.

මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකුළුෑණු, ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු යන ආහාර ද්‍රව්‍ය කිහිපයක් .

ඒ අනුව, අර්තාපල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 375ක් වන අතර, ලොකුළුෑණු කිලෝග්‍රෑමයක නව මිල සටහන් වන්නේ රුපියල් 149 ලෙසයි .

ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 198 දක්වා සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 358ක් දක්වා පහත දමා ඇති බව සතොස ආයතනය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content