Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අතීතයේ සිදුවු වැරදි වුවද සියලු දෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමෙන් නිවරදි කරගැනීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

බිදවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල පිළිබදව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පලකළා.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අදාළ වැඩපිළිවෙල නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ උදාකරගත හැකි බවයි.

WhatsApp Group

Skip to content