Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දින කිහිපයකට ඉහතදී අතුරුදන් බවට පොලීසිය ට වාර්තා වූ එප්පාවල ප්‍රදේශයේ පිරිමි දරුවා හමුවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම දරුවා රැගෙන ගිය බවට සැකකෙරෙන පුද්ගලයා සහ එම දරුවා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ සිටියදී හමුවූ බවයි.

එප්පාවල – කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි පිරිමි දරුවා පසුගිය 19 වනදා රාත්‍රියේ සිට අතුරුදන්වූ බවට මව විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර දරුවා සොයා ගෙන ඇත්තේ රිකිල්ලගස්කඩ – ජෝන්ස්ලන් වතුයායේ නිවසකින්. ඒ සැකකාර විදුලි කාර්මිකයාගේ ඥාති නිවසක සිටියදී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියේ සැකකරු අත් අඩංගුවට ගෙන දරුවා පොලිස් භාරයට ගත් බවයි.

WhatsApp Group

Skip to content