Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වුනා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයයි අද සහ හෙට දින පැවැත්වෙන්නේ.

සුභ සාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝ සහ රජයේ ව්‍යපස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභා වාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ යෝජනවා 51ක් ද අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික ජනබලවේගය ලෙස පැමිණෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් හෙලිකොප්ටරයේ සලකුණ ලෙස පැමිණෙන්නේ පැරණි පිරිසම බවයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ සියලු කණ්ඩායම්වලට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිවැරදි බව වසර ගණනාවකට පසුව හෝ වැටහෙනු ඇතැයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/02/KANCHANA-EDIT.mp3?_=1

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පැවසෙන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඊට සිය සහයෝගය ලබා දෙන බවයි.

https://www.vnews.lk/storage/2023/02/MAITHREEPALA-EDIT.mp3?_=2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/02/PRAMITHA-BANDARA-EDIT.mp3?_=3

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හුදෙක්ම රංගනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතා මෙලෙස විවේචනය කළා.

https://www.vnews.lk/storage/2023/02/CHARITHA-HERATH-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content