Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පැය දෙකයි මිනිත්තු 20 ක් අද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළා.

මේ අනුව ඒ’ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයක් ද, වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවත්, ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද අමාත්‍යවරයාට ගරු නොකර බවත්, පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම හේතුවෙන් මෙම අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ තමා අතර මත ගැටුමක් පමණක් ඇති බවද සඳහන් කළ ජනක රත්නායක මහතා විදුලි කප්පාදුව නොසළකා හරින ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද විදුලි කප්පාදුවේ වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කර සිටියා.

WhatsApp Group

Skip to content