කොටස් වශයෙන් ආනයනය කොට එකලස් කරනලද අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරු පැදි හයක් අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා .

පොලීසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකට අනුව මෙම යතුරු පැදි ළඟ තබා ගෙන සිටි බව කියන හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සහ 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගනු ලැබූවා .

මෙලෙස එකලස් කොට ඇති යතුරු පැදි මෙරට සාමාන්‍ය ජනතාවට පරිහරණය කිරීමට අවසර නොමැති එන්ජින් ධාරිතාවය 1000 ප්‍රමාණයේ ඒවා බවයි පොලීසිය කියාසිටියේ .

මෙම යතුරු පැදි අතර බී.එම්.ඩබ්ලිව් වර්ගයේ තුනක් සහ ඩුකාමි වර්ගයේ යතුරු පැදි තුනක් වන බවත් මින් යතුරු පැදි පහක් එක් පුද්ගලයකු සතුව සහ එක් යතුරු පැදියක් අනෙක් පුද්ගලයා සතුවත් තිබී අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියාසිටියා .

WhatsApp Group

Skip to content