Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මෙරට අපනයන ඉපැයීම් 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 13.1 ක් ඉක්මවා වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා .

එය පසුගිය වසරේ දී වාර්තා වූ ඉහළම අගයට වඩා 4.9 % ක වැඩිවීමක් .

ඒ අනුව 2021 වසරේ දී මෙරටින් වාර්තා වූ අපනයන ඉපැයීම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 12.4 ක් ලෙස දැක්වෙනවා .

එම අපනයන භාණ්ඩ අතර රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක් දක්වා 9.5% කින් වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

මේ අතර මහ බැංකුව සඳහන් කරන්නේ 2022 වසරේදී සමස්ත ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 18,291ක් බවයි . එය 11.4%ක අඩුවීමක් ලෙස වාර්තාවී තිබෙනවා .

WhatsApp Group

Skip to content