Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අරගලකරුවන් ජනාධිපති මන්දිරයෙන් සොයා ගත් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මුදා හරින ලෙස කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනේ 431 වගන්තිය අනුව එම මුදල් සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අධිකරණයේ වගකීමක් බවයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අවධාරණය කර ඇත්තේ.

මෙය – මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේ විමර්ශනය කිරීමේ හැකියාවක් ඇති බවද අධිකරණය සඳහන් කලා.

එමෙන්ම මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන අවසන්ව නොමැති අතර, අදාළ මුදල පිළිබද වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදා හැරීමේ හැකියාවක් නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව මෙම මුදල් සදහා වෙනත් පාර්ශ්වයක් හිමිකම් නොකියන බැවින් එය තම සේවාදායකයා වෙත මුදා හරින ලෙසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ හරිගුප්ත රෝහණධීර මහතා කළ ඉල්ලීමයි අධිකරණය එලෙස ප්‍රතික්ෂේප කළේ.

ඉකුත් ජූලි මස 9 වැනි දා මහජනතාව කොළඹ කොටුව ජනාධිපති මැදුරට ඇතුළු වූ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයාගේ නිළ කාමරයේ තිබී හමු වූ මෙම මුදල් පිළිබඳ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස, පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේ පසුගිය 13 වැනි දා යි.

කොම්පඤ්ඤ වීදිය පොලීසිය භාරයේ තිබුණු මෙම මුදල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර දෙන ලෙස පසුගිය ජූලි 28 වැනි දා නියෝග කෙරුණා

නඩුව මාර්තු මස තුන්වන දින යළි කැඳවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2023/02/GUNARATHNA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content