බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේෂ්වර යන නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඔහුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

එසේම මහින්ද කොඩිතුවක්කු නමැති මෙම පුද්ගලයාට අදාළ බැංකු ගිණුම් පරීක්ෂා කරන බලන ලෙසටද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළා.

 

WhatsApp Group

Skip to content