Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් අද සහ හෙට යන දෙදින ප්‍රථම වරට රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා 8 හි සභාපතිවරුන් මෙම පළමු රැස්වීම්වලදී පත්කිරීමට නියමිත බවයි.

ඒ අනුව කාරක සභා 4 ක සභාපතිවරුන් ආණ්ඩු පාර්ශ්වයෙන් ද අනෙක් කාරක සභා 4 හි සභාපතිවරුන් විරුද්ධ පාර්ශ්වයෙන් ද පත්කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ.

පසුගියදා ආංශික අධීක්ෂණ කාරක සභා 17 ක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කලා.

ඒ අතරින් ජාතික ආරක්ෂාව ,ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම ,බලශක්ති සහ ප්‍රවාහනය පිළිබද ඇතුළු කාරක සභා 8 ක් මෙලෙස රැස්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content