ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් එම තීරණයට එළැඹි බවයි.

මේ අතර, බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය යන කාන්තාව ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ මහරගම, නීලම්මහර පිහිටි නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි .

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව පෙරේදා රාත්‍රියේ ඇය මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර ආගමික සහජීවනයට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළ රාජාංගණයේ සද්ධා රතන හිමියන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේදී උන්වහන්සේව අත්අඩංගුවට ගත් බවටයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් වීඩියෝ පටයක් පළ කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content