ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඉදිරි පාර්ලිමේන්තු සතියේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි වන්නැයි, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී ඇති බව වර්තාවනවා.

ඉරි තුනේ නිවේදනයක් මගින් එම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන්.

එලෙස ඉරි 03ක නිවේදනයක් ලෙස දැනුම් දීමක් සිදු කරන්නේ, අයවැය ඡන්ද විමසීමකදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී වැනි අතිශය වැදගත් පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේදී බවයි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙකු සඳහන් කළේ.

එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී මන්ත්‍රිවරුන්ට අදාළ කාලසීමාව තුළ විදේශගත වීම ද, තාවකාලිකව තහනම් වනු ඇති.

ඒලෙස දැනුම් දී තිබියදීත් යම් මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගි නොවන්නේ නම්, ඊට හේතු දැක්විය යුතුවනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභපති ධුරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාව, ලබන 24 වැනිදා පාර්ලිමෙන්තුවේදි විවාදයට ගැනීමට නියමිත ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එහිදි යෝජනාවට පක්ෂව සිය ජන්දය ප්‍රකාශ කරන බව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සඳහන් කළේ, ඊට විරුද්ධව සිය ජන්දය ප්‍රකාශ කරන බවයි.

WhatsApp Group

Skip to content