Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආනයනික බිත්තර බේකරි කර්මාන්තය තුළ භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා .

ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු වනවා.

එමෙන්ම කිසිසේත්ම බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකළ යුතු බවයි දැනුම් දෙන්නේ .

රටවල් කිහිපයක ව්‍යාප්ත වී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

පසුගිය දිනවල මෙරට වෙළෙඳපොලේ ඇතිවූ බිත්තර හිඟය අවම කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කලා .

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අදහස් පල කළා.

ඔහු සදහන් කලේ බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම යන කාරනා ප්‍රයෝගික නොවන බවයි .

https://www.vnews.lk/storage/2023/02/ASELA-SAMPATH-EDIT-.mp3?_=1

මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ කුරුළු උන පවතින රටකින් බිත්තර ආනයනය කරමින් රජය අවධානමක් ගන්න බවයි .

https://www.vnews.lk/storage/2023/02/AJITH-GUNASEKARA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content