ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කළ පුද්ගලයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවයා විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.

අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවෙන් මෙතක් බිත්තර ආනයනක් සිදුකර නොමැති බවයි.

කෙසේවෙතත් ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට සිදුකරන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content