මෙරටට ගෙන්වන ලද භාණ්ඩ 20 ක් අතරෙන් භාණ්ඩ කිහිපයක විශාල ලාභයක් ව්‍යාපාරික ප්‍රජාව ලබාගන්නා බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා.

ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය වැළැක්වීම සදහා වහාම පියවරක් ගන්නා ලෙස එම සංගමයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ.

මීට අමතරව රාජ්‍ය නිලධාරින්ගේ සාධාරණ වැටුප් හා දීමනා වැඩිකිරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ බව එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content