ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා .

ඒ, ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවති තරගය, ගෝල 2 ට 1 ක් ලෙස ජය ගනිමින් .

කටාර් හී අහමඩ් බින් අලී ක්‍රීඩාංගණයේ පැවැති තරගය සඳහා 45,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී තිබෙනවා.

තරගයේ පළමු අර්ධය නිමා වූයේ, ගෝල 1ට 0 ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමට තරගයේ වැඩි වාසි අත් කර දෙමින් .

ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ 77 වන විනාඩියේදී ගෝලයක් වාර්තා කළත්, එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුයේ නැහැ .

ඒ අනුව ආර්ජන්ටිනාව ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත්තේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ද ලබා ගනිමින් .

WhatsApp Group

Skip to content