Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26
20 වැනි ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියේ  පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 06/08 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළි මෙරටට පැමිණියා.
 මෙම තරගාවලිය දකුණු කොරියාවේ යේචියොන් ( Yecheon )නගරයේ 06/04 දින සිට 06/07 දක්වා පවත්වා තිබුණා.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගනිමින් රටවල් 45 ක් සහභාගී වූ මෙම තරගාවලියේ 07 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණා.
වළළ ඒ.රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න මීටර් 800 , මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් වලින් රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී සිටියා . එයට අමතරව මීටර් 400 ජවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගෙන තිබුණා.
 තරුෂි කරුණාරත්න මෙම තරගාවලියේ ගුණාත්මක අතින් පදක්කම් 03 ක් දිනා ගත් විශිෂ්ටතම ක්‍රීඩිකාව බවට සම්මානයට පාත්‍ර වූ බව , මෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සුසන්ත ප්‍රනාන්දු මහතා ගුවන් තොටුපොළේ දී පැවසුුුවා.
 තරුෂි සිය අදහස් පළ කරමින් තමන් මීට සති හතරකට පෙර නිව්මෝනියා රෝගී තත්ත්වයට ගොදුරු වී සිටි බවත් , මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරග වලදී තමන් වාර්තාවක් තැබීමට උත්සාහ ගත්ත ද , තමන්ට අභියෝග කිරීමට තරගකරුවන් නොමැති වී තිබීම නිසා තමන්ට එම අවස්ථාව තමන්ට අහිමි වී ගිය බව පැවසුවා .
   මීට අමතරව ජයේෂි උත්තරා , විනෝද් ආරියවංශ , ෂෙහාන් දිල්රංග සහ මලින් යසිරු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද පදක්කම් දිනා ගෙන තිබුණා.
 ඔවුන් 06/08 දින රාත්‍රී 09.40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , එයා ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 47 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණා.
මෙම පිරිස පිළිගැනීම ස‍‍‍ඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරීන් , මෙම සිසුන් ඉගෙනුම ලබන පාසැල් වල විදුහල්පතිවරුන් , ගුරු භවතුන් , ඔවුන්ගේ දෙමාපියන් සහ එම පාසැල් වල ඉගෙනුම ලබන සිසුන් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

WhatsApp Group

Skip to content