Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දකුණු කොරියාවේ පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
ඒ මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරමින්.
එහිදී ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගනු ලැබුවා.
මේ අතර, මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ මීට පෙර පිහිටුවා තිබූ ජාතික වාර්තාව වන මිනිත්තු තුනයි තත්ත්පර 26ක වාර්තාවද බිඳ හෙළීමට මෙහිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.

WhatsApp Group

Skip to content