ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ කතෝලික දේවස්තානයක ළමුන් 600ට අධික පිරිසක ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට වාර්තාවකින් හෙළි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

1940 සිට මෙලෙස අපයෝජන සිද්ධීන් වාර්තා වී ඇති අතර, මේ දක්වා චෝදනා ලැබූ පූජකයන් 158ක් හඳුනාගෙන ඇති බවද අදාළ වාර්තාවේ සදහන් වන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

2019 වසරේදී මේරිලන්ඩ ප්‍රාන්තයේ නීතිපතිවරයා විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති අතර, එහිදී වසර 80කට ආසන්න පැරණි ලේකන පිටු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සමාලෝචනය කිරීමෙන් පසු මෙම වාර්තාව නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content