Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග කාණ්ඩයේ තුන් වන අර්ධ අවසන් පූර්ව වටය ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 8 කින් පරාජයට පත් කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිස් ඇෆ්ගනිස්ථානය පන්දු වාර 18 යි පන්දු 3 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 116 ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් තුෂාර කඩුලු 4 ක් දවා ගත් අතර සහන් ආරච්චිගේ දවා ගත් කඩුලු සංඛ්‍යාව 2 ක්.

කෙසේ වෙතත් ලකුණු 117 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 19 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108 ක් පමණයි.

එහිදි සහන් ආරච්චිගේ ලකුණු 22 සහ ලසිත් කෘස්පුල්ලේ ලකුණු 16 ක් රැස්කර ගනු ලැබුවා.

WhatsApp Group

Skip to content