රජය විසින් ජනතාවට ලබා දුන් ඉඩම්වලට අදාළව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් කමිටුවක් පත් කර තිබෙනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැති සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙහිදී බෙදා හරින ලද ඉඩම් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් හිමිකම් ඔප්පු ලබා දීම ප්‍රමාද වන බව මන්ත්‍රීවරුන් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළා.

එහිදී අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටයි.

WhatsApp Group

Skip to content