ලොව ප්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අතරින් වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හිමි රට බවට ඉන්දියාව පත්ව තිබේ.

ඉන්දීය ආර්ථිකය 2023 වසරේ අවසාන කාර්තුවේදී 8.4%කින් වර්ධනය තිබෙන බව නවතම දත්ත සඳහන් කරයි.

ජපානය සහ ජර්මනිය අභිබවා යමින් ලොව තෙවැනි විශාලතම ආර්ථිකය බවට ඉන්දියාව නුදුරේදීම පත්වෙතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් මෙම ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු, 2024 වසරේ ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් නරේන්ද්‍ර මෝදී ගේ පවතින රජයට වාසිදායක වන අයුරින් නිර්මාණය කරන බවටද වාර්තා වේ.

WhatsApp Group

Skip to content