Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොරෝනා ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමත් සමග චීනය තුළ ඉන්දීය ඖෂධ සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

විශේෂයෙන් ඉන්දියාවේ කොරෝනා මර්ධන ඖෂධ සදහා චීනය තුළ දැඩි ඉල්ලුමක් පවතින බවයි විදෙස් මාධ්‍යවල සදහන් කරන්නේ.
එහෙත් ඉන්දීය ඖෂධ සඳහා චීන බලධාරීන් පනවා ඇති සීමා හේතුවෙන් වෙළදපල තුළ ඉන්දීය ඖෂධ හිඟ බවද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් චීනය තුළ කළුකඩ වෙළඳපල මිල ගණන් යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා මර්දන ඖෂධ අලෙවි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොරෝනා මර්ධනය සඳහා අනුමත ප්‍රතිවෛරස ඖෂධ දෙකක් ඉන්දියාව විසින් ලාභදායී ලෙස බෙදාහරිමින් සිටිනවා.

එහෙත් සීමාසහිත සැපයුම හා ආනයනය සඳහා චීනය තුළ ක්‍රියාත්මක බාධා හමුවේ කළුකඩ වෙලදපල තුළ ඒවායෙහි මිල ගණන් ඉතා ඉහළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එමෙන්ම චීන වෛද්‍යවරුන් පවසන්නේ කළුකඩ වෙළඳපල තුළ අලෙවි වන ඖෂධ මිලදී ගැනීම ජනතාවගේ සෞඛ්‍ය හා ජීවිත ආරක්ෂාව සඳහා බරපතල තර්ජනයක් බවයි.

එහෙත් චීනය තුළ පනවා ඇති නීති හා රෙගුලාසි හමුවේ සුදුසු වුවත් ඉන්දීය කොවිඩ් මර්ධන ඖෂධ මිලදී ගැනීමට චීන වැසියන්ට අවස්ථාව හිමිව නැහැ.

ඒ ඉන්දියාවේ කොවිඩ් මර්දන ඖෂධ චීනය තුළ අලෙවි කිරීමට බලධාරීන් අනුමැතිය ලබා දී නොමැති වීම හේතුවෙන්.

එම ඖෂධ අලෙවි කිරීම චීනය තුළ දඩුවම් ලැබිය හැකි වරදක් ද වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content