ඇමෙරිකානු ඩොලර් 10 000 ක අගයකට සමාන ඉන්දීය රුපියල් ප්‍රමාණයක් භෞතික වශයෙන් ළඟ තබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය රජය විසින් අවසර දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා .

එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ ඉන්දියානු රුපියල් මුදල් ඒකකය ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ඒකකයක් වශයෙන් නම් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ඉන්දීය මධ්‍යම රජය මෙම තීරණය ගෙන ඇති බවයි .

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන ඩොලර් හිඟය මග හරවා ගැනීමට අවශ්‍ය ද්‍රවශීලි සහාය මෙම තීරණය මගින් ලැබෙනු ඇති බවද වාර්තා වනවා .

ආසියාතික රටවල ඉන්දීය රුපියල ප්‍රසිද්ධ කරමින් ඩොලරය මත යැපීම අඩු කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය දරන උත්සාහයේ එක් පියවරක් ලෙසද මෙය හැදින්විය හැකි වනවා .

WhatsApp Group

Skip to content