Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් එරට අමෙරිකානු තානාපති එරික් ගාර්සෙට්ටි සහ එරට නේපාල තානාපති ශංකර් පී ෂර්මා හමුවී තිබෙනවා.

එම රටවල් ද්විත්වය සහ ඉන්දියාව අතර පවතින සබඳතාවයේ ප්‍රගතිය පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව, අමෙරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක සන්ධානයක් වන Quad එකමුතුව පිළිබඳ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට අමෙරිකානු තානාපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දු – අමෙරිකානු සබඳතා ශක්තිමත්ව වර්ධනය වන බවට විශ්වාස බවයි එම හමුවෙන් අනතුරුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහනක සඳහන්ව ඇත්තේ.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ එරට නේපාල තානාපති ශංකර් පී ෂර්මා අතර හමුවේදී දෙරට අතර ගැඹුරු සහ බහුවිධ හවුල්කාරිත්වය පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content