Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරිව දායක විය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසනවා.

දෙදෙන නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දිය වීදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති අතර ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ද එක්ව ඇති බව සඳහන්.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා දිවයිනෙන් ඉවත්ව යාමට ප්‍රථම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content