ඉන්දුනීසියාවේ, ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ රික්ටර් පරිමාණ ඒකක 7.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට වේලාවෙන් අද අලුයම 2.47ට පමණ භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .

භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක් ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන හතරක් වාර්තා වී ඇති බව ද සදහන්.එය උතුරු ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවලට ද දැනී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ, භූ කම්පනයෙන් එරට ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවයි.

කෙසේවෙතත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව බවයි.

WhatsApp Group

Skip to content