Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඛනිජ තෙල් සේවකයින් අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නේ නම් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් අදාළ ආයතන සභාපතිවරයා දැනුවත් කල බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා .

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් .

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු තවදුරටත් දැනුම්දී තිබෙනවා .

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව එම සේවකයින් ඊයේ පස්වරුවේ සියලු රාජකාරිවලින් ඉවත් වීමටයි කටයුතු කළේ.

ඒ අනුව අද දිනයේදී ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සදහන් කළා.

කෙසේ වෙතත්, විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුකිරිමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ මගින් ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බවයි.

මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වලට රැස් නොවන ලෙසටද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සටිනවා.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස කටයුතු කරන සියලූම වෘත්තීය සමිති නායකයින්ට සහ එයට සහාය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට කළමනාකාරීත්වය තීරණයකර තිබෙනවා.

ඒ අනුව, ඔවුන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාපයක් වන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සදහන් කරනවා.

අනෙකුත් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දැනුම් දෙන බවයි එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

 

 

WhatsApp Group

Skip to content