හෙට යෙදී ඇති රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව තර කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය පවසන්නේ ඒ සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බවයි.
සෑම පොලිස් වසමට අයත් සියලුම ඉස්ලාම් දේවස්ථාන වල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර තිබෙනවා.
ඒ යටතේ දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මකයි .
අඒ අනුව පොලිස් නිළධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිළධාරීන් 1,260 ක් සමගින් 7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යෙදවීමට මේ වනවිටත් කටයුතු යොදා ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311