Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කටාර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තයය කණ්ඩායම සහ ඉරාන කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් එංගලන්ත කණ්ඩායමට ජය හිමි වුණා .

ඒ ඉරාන කණ්ඩායම පරදවා ගෝල 6 ට 2 ක පහසු ජයක් අත්කර ගනිමින් .

ඒ අනුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද එංගලන්ත කණ්ඩායම සමත් වුණේ ප්‍රසාද ලකුණු තුනක් හිමිකර ලබා ගනිමින් .

මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ”ඒ” කාණ්ඩයේ තරගයක් නෙදර්ලන්ත කණ්ඩායම සහ සෙනගාල් කණ්ඩායම අතර පැවැත්වුනා .

කටාර් හි අල් තුමාම් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගය නිමාවූයේ නෙදර්ලන්ත කණ්ඩායමට ගෝල 2 ට 0 ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු තුනක් හිමිකර ගනිමින් නෙදර්ලන්තය ඒ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණීමට සමත් වුණා .

එම කාණ්ඩයේ දෙවන ස්ථානයේ ඉක්වදෝර කණ්ඩායම් රැඳී සිටින අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ සෙනගාල් කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content