Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමු`ඵවට ඉදිරිපත් වූ අතැම් යෝජනා දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට ලක්ව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දින මෙම සර්ව පාක්ෂික සමු`ඵව කැඳවනු ලැබුවා.

එහිදි අවධානය යොමු කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි.

ඊට සහභාගි වූ පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු විසින් ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවද තවත් පක්ෂ කිහිපයක් ඒ සඳහා දැඩි විරෝධයක් දක්වනු ලැබුවා.

මෙම සමු`ඵව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබුණ ද ඔවුන් ඒ සඳහා එක්ව සිටියේ නැහැ.

සර්ව පාක්ෂික සමු`ඵවට නොපැමිණීමට හේතුව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මෙලෙස පැහැදිලි කළා.

https://www.vnews.lk/storage/2023/01/VIJITHA-HERATH-EDIT.mp3?_=1

මේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ විපක්ෂ නායකයින් දැක් වූ අදහස්

https://www.vnews.lk/storage/2023/01/SANHINDIYAWA-EDIT-1.mp3?_=2

කවුරු කුමක් පැවසුවද තමන් 13 වන සංශෝධනය සමඟ එකඟ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

https://www.vnews.lk/storage/2023/01/DILAN-EDIT-1.mp3?_=3

WhatsApp Group

Skip to content