අමෙරිකාවේ උතුරු කැලිෆෝනියා ප්‍රාන්තයේ  සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබීම් තුනකින් සිසුන් දෙදෙනෙකු ඇතු`ඵ නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොන්ටේරි පාක් නගරයේ චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී සිදු කළ වෙඩි තැබීමකින් 11 දෙනෙකු මිය ගොස් පැය 48ක් යන්නටත් මත්තෙන් මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇත්තේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මුන් බේ නගරයේ ගොවිපොළවල් දෙකක වන අතර ඉන් හත් දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්.

අදාළ වෙඩි තැබීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ශාන්ත මතෙයෝ ෂෙරිෆ් කාර්යාලය සමත් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content