උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබෙනවා .

එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන ජොන් චොන් යන අය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

ජොන් චොන් සැලකෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ට පසු එරට බලවත්ම හමුදා ප්‍රධානියා ලෙසයි .

ඔහු එරට පාලක කම්කරු පක්ෂයේ හමුදා කොමිසමේ උප සභාපති ලෙසින් ද කටයුතු කර ඇති බව සදහන් .

හමුදා ප්‍රධානී චොන්ගෙන් හිස්වූ හමුදා කොමිසමේ ධුරය සඳහා තවත් උසස් නිලධාරියෙකු වන රී යොන්ග් ජිල් පත් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content