Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සදහන්.

මෙම මාර්ගයේ වව්නියාව සහ අනුරධපුරය අතර ඉදිකිරීම් කටයුතු ඉන්දියානු සමාගමකට ලබා දී ඇති අතර එම සමාගම තවත් සමාගම් කිහිපයකට උප කොන්ත්‍රාත් ලබා දී තිබේන බව සදහන් .

එම උප කොන්ත්‍රාත් ලබා ගත් සමාගම් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන ඇතැම් නිලධාරීන්ට සහ වෘත්තීය සමිති වල සාමාජිකයින්ට අයත් බව වාර්තා වනවා .

මේ තත්ත්වය යටතේ මෙම ව්‍යාපෘතියට ලබා දී ඇති උපකරණ ද අස්ථාන ගතවීම් සිදුව ඇති බව සඳහන් .

WhatsApp Group

Skip to content