Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස අබ්දුල් රහ්මාන් පත් කර තිබෙනවා.

පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් මෙම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි එරට ක්‍රිකට් ආයතනයේ සභාපති නජාම් සෙති සදහන් කළේ.

මීට පෙර මොහමඩ් යුසුෆ් පාකිස්තාන කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන බවට ප්‍රකාශයට පත් කර තිබූ නමුත්, ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස පමණක් ඇෆ්ඝනිස්තාන තරගාවලියේ දී කටයුතු කිරීම නියමිතයි.

මාර්තු 24 වැනිදා සාජා හීදී තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර, මෙම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය දරන්නේ ශඩාබ් ඛාන් විසින්.

WhatsApp Group

Skip to content