Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණයක් ආණ්ඩුව හැකි ඉක්මණින් පැවැත්විය යුතු යැයි එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

පසුගිය කාලය පුරා ආණ්ඩුව සිදුකරන ලද ප්‍රදර්ශනාත්මක අධික මුදල් වියදම් කිරීම් දෙස බැලීමේදී තවදුරටත් මැතිවරණය සඳහා මුදල් නොමැති බව පැවසිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පවසා සිටියේ ජනගත කරනු ලැබූ නව එක්සත් ජනරජ පෙරමුණේ ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය පිළිබඳ නිල ලේඛණ මැතිවරණ කොමිසම වෙත අද (06) දින භාරදීමට පැමිණි අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;

“අද දිනයේ අපි පසුගිය 22 දා පවත්වනු ලැබූ එක්සත් ජනරජ පෙරමුණ සම්මේලනයේදී අනුමත වූ අපගේ නව ව්‍යවස්ථාව, නිලධාරි මණ්ඩලය සහ අනෙකුත් කාර්ය පටිපාටීන් පිළිබඳව නිල ලේඛණ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා හමුවෙලා භාර දුන්නා. අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ ප්‍රතිචාරය නුදුරේම ලැබෙයි කියලා. අපි සැලසුම් කරලා තියෙනවා අගෝස්තු මාසය අවසන් වනවිට රට පුරාම අපගේ දිස්ත්‍රික් සමුළු, දිස්ත්‍රික් සංවිධාන ස්ථාපිත කරන්න. මේ වනවිට කාර්ය සාධනය පදනම් කරගෙන යම් යම් ප්‍රශ්න, ගැටළු රටේ මතුවෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය වැනි පැතිවල. අපි බලාපොරොත්තු වෙනවා නොයෙක් පෙරමුණු සංවිධාන හරහා ඒ ගැටළු වෙත ආයතන නිර්මාණය කරන්න. ඒ වගේම ප්‍රථම වතාවට පක්ෂයක් හැටියට අපි කාර්ය සාධන ඇගයීමක් හඳුන්වා දීලා තියෙනවා. ඒ ඇගයීමට අනුව වාර්තා නිර්මාණය කරලා කුසලතාවය මත ඉදිරියට යන්න පුළුවන් පක්ෂ වේදිකාවක් අපි තනලා තියෙන බව බොහොම සතුටින් ප්‍රකාශ කරනවා”

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද පාඨලී චම්පික රණවක මහතා අතින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතාට ලබාදෙනු ලැබූ අතර එහි අන්තර්ගතයන් පිළිබඳවද සාකච්ජාවක් සිදුකරන ලදී.

 

WhatsApp Group

Skip to content