Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවතී තරග වලින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් සමත් වුණා .

තරගාවලියේ 11 වන තරගය වූ කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා .

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ඔවුන් රැස් කල ලකුණු සංඛ්‍යාව 193 ක් .

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 2 ක් අවසානයේදී සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ 116 ක් පමණයි .

ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ලකුණු 77 ක ජයක් හිමි වුණා .

මේ අතර තරගාවලියේ 12 තරගය වූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලැබීමට කලම්බු කණ්ඩායම සමත් වුණා .

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කදුලූ 5 ක් දැවී ලකුණු 193 ක් රැස් කලා .

කෙසේ වෙතත් ඉනිමේ අවසාන පන්දුවේදී මෙම ලකුණු සංඛාව අබිභවා යාමට කලම්බු කණ්ඩායම සමත් වුණා .

WhatsApp Group

Skip to content