තමන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස් වන බව එලෝන් මස්ක් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නිල ට්විටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් .

ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තනතුර ලබා ගැනීමට සුදුසු පුද්ගලයකු හමු වූ පසු තමන් සිය රැකියාවෙන් ඉවත් වන බවයි .

කෙසේ වෙතත් කලක් ලොව ධනවත් ම පුද්ගලයා ලෙස සිටි එලෝන් මස්ක් මීට දින කිහිපයකට පෙර ලොව ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත් වුණා.

ඒ අනුව ඔහුව අභිබවා ගියේ, බර්නාර්ඩ් ආර්නෝල්ට් විසින්.

WhatsApp Group

Skip to content