සියලු ම ගොවීන්ට එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා දීමනාවක් ලබා දීමට රජය විසින් තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ එම දීමනාව රුපියල් 20,000ක උපරිමයකට යටත් ව ලබාදීමට තීරණය කර තිබෙන බව යි .

කෙසේ වෙතත් මේ සම්බන්ධව වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය සිදු කල විමසීමකදී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ පොහොර නිසි ප්‍රමිතියෙන් ගුණාත්මකව සහ අඩු මිලක් යටතේ ලබා දීම ප්‍රමානතවත් බවයි .

https://www.vnews.lk/storage/2022/12/ANURADHA-EDIT-01.mp3?_=1

මේ අතර මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින අතර, ඇතැම් ප්‍රදේශවලට තවමත් බණ්ඩි පොහොර නො ලැබුණු බවට ගොවීන් චෝදනා කරනවා.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මේ පිලිබදව අදහස් දක්වමින් පැවසුවේ මේ වන විට බන්ඩි පොහොර මෙරටට ගොඩබෑම සිදු කර සති තුනකට ආසන්න වන බවයි .

අදාළ නිලධාරීන්ගේ පවතින අකාර්යක්ෂමතාවය හේතුවෙන් මෙම ගැටළු ඇති වී තිබෙන බවද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2022/12/ANURADHA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content