Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ,ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම සම්බන්ධයෙන් රජයට සහාය දක්වන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිනවා.

කෙසේවෙතත් ආරම්භ කළ සාච්ඡා අවසන් නොමැති බවත් සාකච්ඡා නිම කිරීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ වදින ආකාරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

මේ අතර ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡා කිසිදු ප්‍රගතියකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා .

එම සන්ධානයේ එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේ, සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව මෙතෙක් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවය.

https://www.vnews.lk/storage/2023/01/SUMANTHIRANA-EDIT-01.mp3?_=1

මේ අතර ආණ්ඩුව මැතිවරණ කුමන්ත්‍රණයක යෙදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා .

https://www.vnews.lk/storage/2023/01/SAJITH-PRMADASA-EDIT.mp3?_=2

මේ අතර මැතිවරණය පිළිබද පක්ෂ විපක්ෂ මත පල වුනා .

https://www.vnews.lk/storage/2023/01/MIX-EDIT-1-1.mp3?_=3

WhatsApp Group

Skip to content