ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඕමානයේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ සිද්ධිය සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වනවා.

කෙසේවෙතත් තමන් මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කළ බවත් ඒ හේතුවෙන් තමන්ටද තර්ජන එල්ල වී ඇති බවත් පවසමින් විදේශ රැකියා අමාත්‍යවරයාට ඔහු ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා .

WhatsApp Group

Skip to content