Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය අදයි.
දෙවන දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සදහා පන්දුවාර 38ක් අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 151ක් රැස් කරගෙන සිටියා.
මෙහිදී රවීන්ද්‍ර ජඩේජා පන්දු 51දී ලකුණු 48ක් රැස් කළා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 469ක්.
එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 163ක් සහ ස්ටීවන් ස්මිත් ලකුණු 121ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජි ලකුණු 108කට කඩුළු 4ක් බිඳ හෙලීමට සමත් වුණා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඕස්ට්‍රේලියා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 318ක් පිටුපසින් පසුවනවා.

 

WhatsApp Group

Skip to content