රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා ට එරෙහිව මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද දිනයේ දී විභාගයට ගැනුනා.
එහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කලේ හිටපු මහා බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 6 වන දින තෙක් යළි දීර්ඝ කරන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය අප්‍රේල් මස 6 වන දිනයේ දී නිකුත් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝගය කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311