පැවිදි පාර්ශවයට රටේ කලබල ඇති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පවසනවා.
සංඝයා වහන්සේ තමන්ට නියමිත කටයුතුවල ක්‍රියාත්මක විය යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ.
ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු ශීර්ෂ රැසක විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

————————————————————

මානව හිමිකම් ලෙස ප්‍රකාශ කරමින් ප්‍රචණ්ඩක්‍රියා සහ රට අරාජික කිරීමට ඉඩදීම සිදුකළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ප්‍රචණ්ඩක්‍රියා සිදුකළ කිසිවෙකු ආරක්ෂා කළ නොහැකි බවයි.
එමෙන්ම අරාජිකත්වය සහ ප්‍රචණ්ඩත්වය මානව හිමිකම්වලට සම්පූර්ණයෙන්ම පටහැනි වන අතර මෙරට අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට අවස්ථාව ලබානොදෙන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

 

WhatsApp Group

Skip to content